ෂාලොම් ශුභාරංචි සභාව

"මම ඔබට කියමි, ඔබ පේතෘස්ය, මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු එය පරාජය නොකරන්නේය."

මතෙව් 16:18

නවතම පණිවිඩ

අපගේ නවතම දේශන සහ සජීවී විකාශන නරඹන්න

අපේ ගමන

2005 වර්ෂයේ ආරම්භයේ නිවසක ආරම්භ කරන ලද කුඩා යාච්ඤාව ශාලෝම් සභාවේ ආරම්භයයි.

මෙම යාච්ඤාවේදී එම නිවසේ සහෝදරියගේ විශේෂතම යාච්ඤා ඉල්ලීම වූයේ, අපට හොඳ සභාවක් ලබාදෙන ලෙසයි. දෙවියන්වහන්සේ එම යාච්ඤාව අසා පිළිතුරු දුනි. ඒ අනුව 2005-03-06 වන දින දෙවියන්වහන්සේ විසින් මිලානො නගරයට ශාලෝම් නම් දේව සභාව දෙන ලදී.

එතැන් පටන් ගතවූ කාලය පුරාවටම දෙවියන්වහන්සේ අපව පුදුමාකාර ලෙස වර්ධනය කළ සේක. අද වන විට අපි ප්‍රධාන වශයෙන් මිලානෝ සහ වෙරෝනා යන නගර කේන්ද්‍ර කරගනිමින්, ඉතාලියේ වසන ශ්‍රී ලාංකික ප්‍රජාවට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය බෙදා දෙමින් සේවය කරන්නෙමු.

සියලු මහිමයත්, ගෞරවයත්, ප්‍රශංසාවත් සදාකාලයටම අපගේ මැවුම්කාර දෙවිඳුන්ටම වේවා!

Church Life Community Prayer

Momenti della nostra comunità

අපව හමුවන්න

අපි සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමට එක් රැස් වෙමු.

මිලානෝ (Milan)

Via Socrate 71/3, 20128 (MI)

වෙරෝනා (Verona)

Via G. Morgagni 2, 37135 (VR)

දේව මෙහෙයන් පවත්වන දින සහ වේලාවන් දැන ගැනීමට අවශ්‍යද?

නැතිනම් ඔබට කිසියම් ප්‍රශ්නයක් තිබේද? අපි ඔබ වෙනුවෙන් මෙහි සිටිමු. සෘජුවම අප හා සම්බන්ධ වන්න: