අපි ආ මඟ

“තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය”

(මතෙව් 16:18)

2005 වර්ෂයේ ආරම්භයේ නිවසක ආරම්භ කරන ලද කුඩා යාච්ඤාව ශාලෝම් සභාවේ ආරම්භයයි.

මෙම යාච්ඤාවේදී එම නිවසේ සහෝදරියගේ විශේෂතම යාච්ඤා ඉල්ලීම වූයේ, අපට හොඳ සභාවක් ලබාදෙන ලෙසයි. දෙවියන්වහන්සේ එම යාච්ඤාව අසා පිළිතුරු දුනි. ඒ අනුව 2005-03-06 වන දින දෙවියන්වහන්සේ විසින් මිලානො නගරයට ශාලෝම් නම් දේව සභාව දෙන ලදී.

එම ගතවූ කාලය තුල දෙවියන්වහන්සේ අප මධ්‍යයේ කලාවූ සෑම දේ ගැන මැවුම්කාර දෙවිඳුන්ට මුලු හදවතින් ස්තුති කරමු !

” ස්වාමින්වහන්සේගේ හස්තය ඔහුන් සමඟ වූයේය.
විශ්වාස කළා වූ විශාල ගණනක් ස්වාමින්වහන්සේ වෙතට හැරුණෝය “

(ක්‍රියා 11.21)

සියලු මහිමයත් ගෞරවයත් සදාකාලයටම දෙවියන්වහන්සේට වේවා!

2005
2024